නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ණය කන්ද මතු දරු පරපුරට ඉතිරි කරන්නේ නෑ

    නොවැම්බර් 16, 2017

    ණය කන්ද මතු දරු පරපුරට ඉතිරි කරන්න බලාපොරොතුවක් නොමැති බවත් මෙවර ඉදිරිපත්කර තිබෙන අයවැය සැළසුම්සහගත ලෙස සකස් කළ අයවැයක් බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩර මහත්මිය පැවසුවාය.

    විසර්ජන පනත් කෙටුම්පත 2018 ( හයවැනි වෙන් කළ දිනය ) අද(14) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර සිටියේ ය.

    ඉතාම සැලසුම් සහගත ලෙස සකස් කළ අයවැයක්.  අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කළා. රජය සේවකයන්ට වැටු වැඩි කිරීමක් කළා. ආහාර ද්‍රව්‍ය රැසක් ආනයන බද්ද අඩු කළා.  අයවැය කියන්නේ බඩු මිල අඩුකරන එක වැටුප් වැඩි කිරීමට සීමා වෙන්නේ නෑ.ණය කන්ද දරු පරපුරට ඉතිරි කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. එම ඉලක්ක වෙත යන්න හැකි අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. සාගරය පදනම් කරගත් සංවර්ධනය නීල කියලා කියන්නේ. මෙය විප්ලවීය අයවැයක් බවද අමාත්‍යවරිය පැවසුවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya