අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ, අද (13) පාර්ලිමේන්තු සංකීරණයේ පැවැති 2015 මූල්‍ය වර්ෂයේ මූල්‍ය පාලන නීතිරීති හා රෙගුලාසිවලට අනුගතවෙමින් සහ කාර්යසාධනය පිළිබඳව සතුටුදායක ප්‍රතිඵල අත්කරගත් රාජ්‍ය ආයතන සඳහා සම්මාන ප්‍රදානෝත්වයට සහභාගීවෙමිනි.
එහිදී සභාව ඇමැතූ ජනාධිපතිතුමා මෙසේද පැවසී ය.
මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා ඉතාම වගකීමෙන් කටයුතු කළ සෑම පිළිබඳව ඉතාම සතුටු වෙනවා. මෙම කාරක සභාවල සිටින සමහර සභාපතිවරුන්ට එදා තනතුරු අහිමි වූ අවස්ථා තිබුණා,පක්ෂ මාරු කරන්න සිදු වුණා. අපේ වර්තමාන රජය යටතේ අපක්ෂපාතිව මධ්‍යස්ථාව කටයුතු කරන්න හැකියි කියන සාක්ෂය තමයිපෙන්වන්නේ ගිණුම් කාරක සභාවේ කටයුතු මේ ආකාරයෑන් පවත්වාගෙන යාමට හැකි වීම. එම කාර්යමණ්ඩලවලට ස්තූතිවන්ත වෙනවා. අද සියලු දෙනාගේම සේවය ඇගයීම ගැන සතුට පළ කරනවා. මේ සම්බන්ධට්යෙන් සෑම සහයෝගයක් ම ලබාදෙනවා.
අපේ රටේ රාජ්‍ය සේවය ලක්ෂ 14ක් පමණ වෙනව. සෑම 13 දෙනෙකුටම එක් රාජ්‍ය සේවකයෙක් ඉන්නව.අපේ රාජ්‍ය සේවය දැනට අවුරුදු 35කට 40කට එහා ගත් විට ඉතාම විශිෂ්ඨ රාජ්‍ය සේවාවක් තිබුණා. පසුකාලීනව අපේ රාජ්‍ය සේවකයන්ගේ පිට කොන්ද දේශපාලඥයින් විසින් කඩලා දැම්මා. දේශපාලඝ්නයන්ගේ බලය තුළ වැරදි ලෙස හැසිරීම. පැහැදිලෛව කියන නිලධාරීන් සුළු පිරිසක් ඉන්නවා. අවංකව වැඩකරන නිලධාරීන්ට විවිධ දුෂ්කරතාවලට ලක් වෙන්නට සිදු වුණා. එවැනි සිඔද්ධීන් අපි දන්නවා.
පසුකාලීනව අපේ රාජ්‍ය සේවකයන්ගේ පිට කොන්ද දේශපාලඥයින් විසින් කඩලා දැම්මා. දේශපාලඥයන්ගේ බලය තුළ වැරදි ලෙස හැසිරීම. පැහැදිළිව කියන නිලධාරීන් සුළු පිරිසක් ඉන්නවා. අවංකව වැඩකරන නිලධාරීන්ට විවිධදුෂ්කරතාවලට ලක් වෙන්නට සිදු වුණා. එවැනි සිඔද්ධීන් අපි දන්නවා. අද රාජ්‍ය සේවයේ සෑමදෙනාටම පිටකොන්ද කෙළින් තියාගෙන වැඩකරන්නට හැකි පසුබිමක් රජය විසින් හදලා තිබෙනවා.
අද නීතියේ ආධිපත්‍ය පැහැදිළිව ස්ථාපිත කර තිබෙනවා. අධිකරණයට බලපෑම් කරන්නේ නෑ. අපේ රාජ්‍ය සේවයේ අද තිබෙන අඩුපාඩු සකස් කරගෙන, ඉහළ කැපවීමක් කරන රාජ්‍ය සේවකයින් ඇගයීමට ලක් කරනවා වගේම,අඩුපාඩු දුර්වලකම් තිබෙන සියලු අංශ පිළිබඳව සොයා බලා ඒවා නිවැරැදි කරගෙන ඒ අයට අවශ්‍ය ශක්තිය දීලා හොඳ රාජ්‍ය සේවයක් මේ රටේ ඇති කිරීම අත්‍යවශ්‍යයි.විවිධ අංශවල වඩා යහපත් අංශ වගේම අයහපත් අංශත් තිබෙනවා. මේ රටේ වංචාව දූෂණය සම්බන්ධයෙන් කීර්තිමත් ආයතන කීපයක් තිබෙනවා. අපි හැම කෙනෙක් ම මේ තත්ත්වය නිවැරැදි කරන්න ඕන. යම් කාලසීමාවක් වැරදි දේ අත්දැකීම් ලබනවා. මේ කාලය තුළ වැරැදි කරන්න දූෂණයට දැන් බයක් ඇති වී තිබෙනවා. එදා ඒ බය නැතිව ගිහින් තිබුණේ.
මේ කාර්යය තුළ හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. වගකීම් අහා යුතුකම ඉටුකටලා රටවෙනුවෙන් හොඳ රාජ්‍ය සේවයක් හදන්න, තිබූ දේ ඇති කරගන්න, ඉතාම හොඳ රාජ්‍ය සේවයක් හදන්න ඒ සඳහා කටයුතු කරමු යැයි ද ජනාධිපතිතුමා පැවසී ය.
මේ අවස්ථාවට එක් වූ කතානායක කරූ ජයසූරිය මහතා ;මේ සියලු දේවල්වල අවසන් පරමාර්තය වන්නේ මූල්‍ය නාස්තිය අඩුකරගැනීමයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පැහැදිළි ඉදිරි පියවරක් තබ තිබෙනවා.මෙවැනි දෙයින් මහජන මුදල් නාස්තිය අවම කර ගන්න පුළුවන්.පසුගිය වසර දෙක තුළ විශාල උත්සාහයක් දැරුවා මේ සඳහා.අද පර්ලිමේන්තුවට හැකි වී තිබෙනවා, පාර්ලිමේන්තුවට මේ කටයුතු කාර්යක්ෂමව සිදු කිරීමට.
මෙහිදී අඳහස් දැක්වූ ගිණුම් කාරක සභාවේ සභාපති,අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, අද ඉතාමත්ම සතුටු වෙනවා කණ්ඩායමක් ලෙස මේ කටයුත්ත ඉටු කරගැනීමට හැකි වීම ගැන. මේ කටයුත්ත ඉතාම ස්වාධීනව කරන්න ලැබුණා. කිසිදු පක්ෂ භේදයක් ඇති නොකර සැබෑ වගකීමක් අවබෝධකරගෙන කාරක සභාවක් ලෙස අවශ්‍ය කටයුතු සාකච්ඡා කළා. 2015 වසරට ආයතන 140ක් කැඳවා තිබෙනවා. ආයතන 842ක් කැඳවීමට තිබෙනවා.මේ වනවිට සියලු තොරතුරු ජාලගත කර අවසන්.
මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා, විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා, මැති ඇමැතිවරු, ඇතුළු අමාත්‍යාංශ,පළාත් අමාත්‍යාංශ නිලධාරීහු, ප්‍රාදේශීය සභා,නගරසභා,මහනගර සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල උසස් රාජ්‍ය නිලධාරීහූ රැසක් එක්ව සිටියහ.