වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, ටී.එම්. ජයරත්න, ප්‍රියා සූරියසේන ඇතුළු ජනප්‍රිය ගායකයින් මෙහිදී ප්‍රේමකීර්ති ද අල්විස් මහතා රචනා කළ ගීත ගායනා කරමින් ප්‍රසංගය වර්ණවත් කළහ.
ප්‍රේමකීර්ති ද අල්විස් මහතා රචිත " නොසැලෙන් ඉන්ද්‍රඛීලය සේ" , "අන්තිමයා" යන කාව්‍ය කෘති ද නිර්මලා ද අල්විස් මහත්මිය විසින් ප්‍රේමකීර්ති ද අල්විස් මහතා පිළිබඳව ලියන ලද ප්‍රේමකීර්තිනී කෘතිය ද මෙහිදී නිර්මලා ද අල්විස් මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
මේ අවස්ථාවට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා යන මහත්වරුන් ද කලාකරුවන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.