මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති ගාලු කොටුව සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කරයි

    ඔක්තෝබර් 20, 2015

    ගාල්ල නගරය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුලසුන හෙබවූ විශේෂ හමුවක් ඊයේ පස්වරුවේ (19) ගාල්ලේ දී පැවැත්විණි.

    මෙම සාකච්ඡාවේ දී ගාල්ල නගරය සහ විශේෂයෙන්ම ගාලු කොටුව සංවර්ධනය පිළිබඳ අවධානය යොමු වූ අතර ගාලු කොටුවේ පෞරාණික වටිනාකම ආරක්ෂා වන පරිදි සංවර්ධන කටයුතු සිදු කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    සංවර්ධන වැඩසටහන් සකස් කරන විට ජනතාවට ඒවායේ උපරිම ඵල නෙලා ගැනීමට හැකි වන ලෙස ඔවුන්ගේ අභිලාෂයන් හඳුනා ගෙන කටයුතු කරන ලෙස ද වික්‍රමසිංහ මහතා නිලධාරීන්ලෙන් ඉල්ලා සිටියේය.

     

    නව ලෝකයට ගැලපෙන ලෙසත් අනාගතය සඳහා උපරිම ප්‍රයෝජනවත් වන ලෙසත් නාගරික සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍යවරයා තවදුරටත් නිලධාරීන් වෙත උපදෙස් දුන්නේය.

     

    අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන සහ ගයන්ත කරුණාතිලක මහත්වරුන් ද, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya