මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති නිල නිවස සහ නිල වාහන පිළිබඳ ජනාධිපති ලේකම්වරයාගෙන් පැහැදිලි කිරීමක්

    ඔක්තෝබර් 08, 2015
    ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තු තුළ ජනාධිපති කාර්යාලයට අදාළ වියදම් මෙන් ම අග‍්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු, වැවිලි කර්මාන්ත, ස්වදේශ කටයුතු, ධීවර, මහාමාර්ග, ආයෝජන ප‍්‍රවර්ධන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන රැසකට අදාළ වියදම් ඇතුළත් විය.
     
    ඒ තුළින් ජනාධිපති නිල නිවස ප‍්‍රතිසංස්කරණයට හා වෙනත් කටයුතු සඳහා ඉල්ලා ඇති රුපියල් මිලියන 180 පිළිබඳ ව ජාතික පුවත්පත් කිහිපයක පළ වී ඇති මාධ්‍ය වාර්තා ජනාධිපති කාර්යාලයේ අවධානයට යොමු වී තිබේ.
     
    ඒ අනුව ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙන්නේ ඉතා පැරණි නිවාස 02ක් එක්කර ජනාධිපතිවරයෙකුගේ පරිහරණයට උචිත ලෙස අලුත්වැඩියා කිරීමට සිදු වූ බවයි. ඊට අමතරව නිවසේ ආරක්ෂාව, ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා වන නිලධාරීන් සඳහා නේවාසික පහසුකම් මෙන් ම ගරාජයද පිළිසකර කිරීමට සිදු වූ බව පෙන්වා දෙන ජනාධිපති ලේකම්වරයා මෙම සම්පූර්ණ අලුත්වැඩියා කටයුතු සිදුකර ඇත්තේ රාජ්‍ය ආයතනයක් වන මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය විසින් බවද සඳහන් කරයි.
     
    ජනාධිපතිවරයා සඳහා වෙන්ව ඇති කොටුව ජනාධිපති මන්දිරය භාවිත කරන්නේ නම් ජලය, විදුලිය සහ නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් ලක්ෂ 150 කට අධික වියදමක් දැරීමට රජයට සිදුවන බවත් එම අධික වියදම නිසා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එහි පදිංචිය ප‍්‍රතික්ෂේප කර ඇති බවත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
     
    ඊට අමතරව අදාළ පුවත්පත් වාර්තාවල සඳහන් බී.එම්.ඩබ්ලිව් කාර් රථය සහ ආරක්ෂක අංශ සඳහා වන බී.එම්.ඩබ්ලිව්. යතුරු පැදි 2014 ඔක්තෝබර් මාසයේ දී ඇණවුම් කර ඇත්තේ පසුගිය රජය විසින් බවත් ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා අවධාරණය කරයි.
     
    ඒ අනුව පිළිවෙලින් කාර් රථය 2015 ජනවාරි 08දාත්, යතුරුපැදි 2015 පෙබරවාරි 21දාත් කොළඹ වරායට ගෙන්වා තිබේ. මාස 03ක් තිස්සේ වරාය තුළ රඳවාගෙන තිබු මෙම රථවාහන නැවත ප‍්‍රතිඅපනයනය කළ නොහැකි නිසාත්, රඳවා ගැනීමේ ගුදම් ගාස්තු දිනෙන් දින ඉහළ යන නිසාත් ඒවා රජය වෙත පවරා ගැනීමට තීරණය කළ බවත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් දන්වා සිටී.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya