අප ජනතාව ජනාවාස ලබා දීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමට දරණ උත්සාහයේදී අප රජය ප්‍රමුඛත්වයක් දෙන්නේ හිසට වහලක් වහලක් රහිත පවුල් සඳහා දුප්පත් සහ පීඩිත ජනතාවටත් නිවාස ලබාදීම කෙරෙහි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදට යෙදී තිබෙන ලෝක ජනාවාස දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කළේ ය.
නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශය දරණ ප්‍රයන්තයට සිය ස්තුතිය පළ කළ ජනාධිපතිතවරයා මෙවර තේමාව වශයෙන් නාගරික සැලසුම් සහ ඉදිකිරීම් කෙරෙහි අවධානයක් දක්වා තිබීම සතුටට හේතුවක් බව වැඩිදුරටත් සඳහන් කළේ ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, 1986 වසරේ සිට සෑම වර්ෂයකම ඔක්තෝබර් මස ප්‍රථම සඳුදා දින ලෝක ජනාවාස දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
මාලිගාවත්ත, නිවාස ක්‍රමය මුල්කර ගනිමින් අද මෙරට ලෝක ජනාවාස දින උත්සවය පැවැත්වේ. “විවෘත භූමිය සැමට” යන්න මෙවර එහි තේමාව වී ඇත.
මෙරට පවුල් ලක්ෂ 12 ක් සඳහා නිවාස මේ වන විට අවශ්‍යතා පවතින බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.
එහි සභාපති ලක්විජය සාගර පලන්සුරිය මහතා පැවසුවේ, ඊට සෑම වසරකම පවුල් 50,000ක් එම පිරිසට එක් වන බව ය.