නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තුවේ දී - අගමැති

    ඔක්තෝබර් 01, 2015

    මෙවර පළාත් පාලන මැතිවරණය කිසියම් හේතුවක් නිසා කල් නොවන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  සහතික විය.

    පසුගියදා කොළඹ ජාතික කළමනාකරණ සමුළුව අමතමින් අගමැතිවරයා පැවසුවේ ලබන වසරේ මාර්තු මාසයේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය විසින් කටයුතු සූදානම් කරමින් සිටින බවයි. සියලු පළාත් සභා මැතිවරණය කල් නොයවා පැවැත්වීමට තීරණය කර ඇති බව අගමැතිවරයා ප්‍රකාශ කළේය. පළාත් පාලන ආයතන සඳහා නව සාමාජිකයන් අවශ්‍ය බව ද ඔහු පැවසීය.

     

    වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසුවේ රටේ ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණයේ දී වෙන් වෙන් වශයෙන් තරග කරන බවයි.

     

    පසුගිය මාර්තු මාසයේ දී ආණ්ඩුව විසින් මාර්තු 31වෙනිදා දිනයෙන් නිල කාලය අවසන් වීමට තිබූ පළාත් පාලන ආයතන 234 ක් එළඹෙන වසරේ මැයි මස 15 දක්වා නිල කාල සීමාව දීර්ඝ කළේය. ඉතිරි පළාත් පාලන ආයතනවල ද නිල කාල සීමාව ජූලි හෝ ඔක්තෝබර් මාසවල දී අවසන් වීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya