මුදල් පනත් කීපයක් පිළිබඳව විවාදයක් පැවැත්වීම පිළිබඳව විපක්ෂය ගෙන ආ විරෝධය නිසා පාර්ලිමේන්තුව විනාඩි 15කට කල්තැබූ අතර යළි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව කතානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැන්වීය.
මීට සුළු වේලාවකට පෙර රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව දීර්ඝ වශයෙන් මේ පිළිබඳව සාකච්ඡා කරන ලදී.
ඉදිරියේ දී මෙවැනි යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවන්හීදී මන්ත්‍රීවරුන්ට ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට අවශ්‍ය කාල වේලාව
ලබාදියු යුතු බව මා පිළිගනිමි.
අද දින විවාදයේ කතා කිරීමට මන්ත්‍රීවරු සෑහෙන සංඛ්‍යාවක් සූදනම් සිටින බව දැන් වූ හෙයින් අද දින පාර්ලිමේන්තුවේ වටිනා කාලය
අපතේ නොයවා,මෙම විවාදය ආරම්භ කළ හැකි බව මම දන්වමි යැයි කතානායකවරයා පැවසී ය.
ඉන් අනතුරුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විවාදය ආරම්භ කරමින් සිය කතාව ආරම්භ කළේ ය.