අද (22) පාර්ලිමේන්තුවේ දී ජිනීවා මානව හිමිකම් වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තරයෙන් එල්ල වෙන මෙම මානව හිමිකම් කඩවීමේ ප්‍රශ්නය අපේ අනාගත පරම්පරාවලට බාරදෙන්නට සූදානම් නැති බවත් මෙම පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව සියලු දෙනාටම එකඟ විය හැකි විසදුමක් කරා යොමුවීම රජයේ අරමුණ බවත් මේ තමයි අපි අපේ අනාගත පරම්පරාවට දිය හැකි හොඳම තෑග්ග බවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
සියලු ජනතාවට බාධාවකින් තොරව ජීවත් වීමට අවශ්‍ය රටක් නිර්මාණය කිරීම රජයේ වගකීමෙ බව පැවසූ අග්‍රාමාත්‍යවරයා කිසිදු ජන කොටසක් අසාධාරණ ලෙස පීඩනයට ලක් නොවන සමාජයක් අපි ගොඩනැංවිය යුතුයි යනුවෙන් ද පවසා සිටියේය.
අමෙරිකා එක්සත් ජනපදය අනෙකුත් රටවල් සමඟ එක්ව ශ්‍රී ලංකාවට හිතකර යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යන බවත් ඊළග පාර්ලිමේන්තු වාරය රැස් වන විට අමෙරිකානු යෝජනාව කුමක්දැයි දැනගෙන සිටිනු ඇති බවත් පැවසූ වික්‍රමසිංහ මහතා ඊට අදාළ අනෙකුත් වාර්තාවන් ද සැළකිල්ලට ගනිමින් කථානායකතුමා සමඟ සාකච්ඡා කර දිනයක් යොදා ගෙන මේ සම්බන්ධව පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නට පුලුවන් යැයි ද කීවේය.