මෙවර ඕසෝන් දින සැමරුම් උළෙලේ ප්‍රධාන තේමාව වී ඇත්තේ "තිස් වසරක ඕසෝන් වියන සුරැකීම සඳහා ගෝලීය සාමුහිකත්වය" යන්නයි.
ජාතික ඕසෝන් ඒකකය මගින් ශිතකාරක පවිත්රකිරීමේ මධ්‍යස්ථාන 08ක් දිවයින ආවරණය වන පරිදි තාක්ෂණික හා වෘත්තීය පුහුණු ආයතනයන් හි ස්ථාපිත කිරීමට තීරණය කර ඇති අතර එහි පළමු වැන්න අද ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කෙරේ.
ලෝකයේ රටවල් 197ක් මොන්ට්‍රියල් සංවිධානයේ සාමාජිකත්වය ලබා සිටින අතර එම සියලු රටවල් මෙදින ඕසෝන් දිනය සමරමින් විවිධ වැඩසටහන් පවත්වනු ලබයි.