නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධර්මපාලතුමාගේ දර්ශනය රටේ අනාගතය සකස් කර ගැනීමට ඉවහල් කරගැනීම ජාතියේම වගකීමක්

    සැප්තැම්බර් 15, 2015
    විශිෂ්ඨ මානව හිතවාදියෙකු වූ ශ‍්‍රිමත් අනගාරික ධර්මපාලතුමාගේ දර්ශනය රටේ අනාගතය සකස් කර ගැනීම සඳහා ඉවහල් කර ගැනීම මුළු මහත් ජාතියේම වගකීමක් බවත් ජාතික ව්‍යාපාරයත්, බෞද්ධාගමික ප‍්‍රබෝධයත්, අමද්‍යප ව්‍යාපාරය ශක්තිමත් කරමින් ශිලාචාර සමාජයක් ගොඩනැගීම සඳහාත් වූ එතුමාගේ දර්ශනය තුළ අද දවසේද උගත හැකි පාඩම් බොහෝ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
     
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශී‍්‍රමත් අනගාරික ධර්මපාලතුමාගේ 151 වන ජන්ම දින සැමරුම නිමිත්තෙන් ප‍්‍රකාශයට පත් කළ ශී‍්‍රමත් අනගාරික ධර්මපාල සතියේ සමාරම්භක උත්සවයට ඊයේ (14) පෙරවරුවේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ දී එක්වෙමිනි.
     
    “දෙස, බස, රැස සුරකින සිසු පරපුරක්” යන තේමාව ඔස්සේ අනගාරික ධර්මපාලතුමාගේ 151 වන ජන්ම සංවත්සරය දීප ව්‍යාප්තව පැවැත්වීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රජය පියවර ගෙන තිබේ. ශී‍්‍රමත් අනගාරික ධර්මපාල සතිය තුළ එතුමාගේ දර්ශනය ජනතාව අතරට ගෙන යාම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් වැඩසටහන් රැසක් කි‍්‍රයාවට නැංවෙයි. 
     
    අනගාරික ධර්මපාලතුමාගේ වත් පිළිවෙත් සහ කි‍්‍රයා පිළිවෙත් එදා බලාපොරොත්තු වු ආකාරයෙන්ම අද දවසට සහ හෙට දවසට ගැළපෙන ආකාරයට කි‍්‍රයාවට නැංවීම ඉතා වැදගත් බවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    අනගාරික ධර්මපාලතුමා තරම් අමද්‍යප ව්‍යාපාරයට නායකත්වය දුන් නායකයෙක් පසුගිය සියවස් ගණනාව තුළ බිහි නොවූ බවද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එතුමාගේ චින්තනය අනුව යමින් මතින් නිදහස්, යහපත් රටක් ලෙස මේ රට ගොඩනැගීමට වත්මන් රජය ද සුවිශාල වැඩකොටසක් ඉටුකරමින් සිටින බව ප‍්‍රකාශ කළේය.
     
    සැමරුම් උළෙලේ විශේෂ දේශනය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි විසින් සිදු කරන ලද අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, තැපැල් හා තැපැල් සේවා අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඞ් හෂිම්, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එම්. බන්දුසේන යන මහත්වරු ද විදුහල්පති කේ.ජී. විමලසේන මහතා ඇතුළු අචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු විශාල පිරිසක් උත්සවයට එක්ව සිටියහ.
     
    DB/PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya