බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා බස්නාහිර පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, ඉංජිනේරු සේවා, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, ආර්ථීක ප්‍රවර්ධන, විදුලිබල හා බලශක්ති, පරිසර කටයුතු, ජල සම්පාදන හා ජලපවාහන සහ සංචාරක කටයුතු පිළිබද අමාත්‍යවරයා පත් කෙරිණි.
රංජිත් සෝමවංශ මහතා බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ අමාත්‍යවරයා ලෙස විය.
ගාමිණි තිලකසිරි මහතා බස්නාහිර පළාත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමර්ග, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන අමාත්‍යවරයා වේ.
කැජිටන් ලලිත් වනිගරත්න මහතා බස්නාහිර පළාත් ධීවර, මාර්ග, ප්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළද නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත් කෙරිණි.
ගයාන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ධර්මසිරි දසනායක මහතා වයඹ පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, ඉංජිනේරු සේවා, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, ආර්ථීක ප්‍රවර්ධන, විදුලිබල හා බලශක්ති, පරිසර කටයුතු, ජල සම්පාදන හා ජලපවාහන සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස විය.
ගුණදාස දෙහිගම මහතා වයඹ පළාත් මාර්ග, ප්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළද, නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන පිළිබඳ අමාත්‍යවරයා ලෙසත් සන්ධ්‍යා සමන්ත කුමාර රාජපක්ෂ මහතා වයඹ පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ අමාත්‍යවරයා ලෙසත් පත් කෙරිණි.
ලක්ෂ්මන් හරිස්චන්ද්‍ර වෙඩරුව මහතා වයඹ පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු පිළිබද අමාත්‍යවරයා ලෙස පත් කළ අතර ඩබ්ලිවි.ජේ. සුමල් තිසේරා මහතා වයඹ පළාත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය හා ගොවිජන සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
kpm