නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යවරයා අද සිට ඉන්දීය සංචාරයක

    සැප්තැම්බර් 14, 2015

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14) සිට එළඹෙන බදාදා (16) දක්‌වා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

    මෙම සංචාරයේ දී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, ජනාධිපති ප‍්‍රනාබ් මුඛර්ජි මහතා සහ විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ ඉන්දීය නායකයින් සමඟ පුළුල් සාකච්ජා පැවැත්වීමට අග්‍රාමාත්‍යවරයා අපේක්ෂා කරයි.

     

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව මත ද්විපාර්ශවික සබඳතා, ඉන්දියාව දායකත්වය සපයන කුඩා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ සාක් චන්ද්‍රිකාව (SAARC Satellite) සඳහා සංඛ්‍යාත සම්බන්ධීකරණය වැනි කරුණු මෙම සංචාරයේ දී සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

     

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මැතිවරණයෙන් අගමැති ධුරයට නැවත පත් වූ පසු සිදු කරන පළමු නිල විදේශ සංචාරය මෙය වේ.

     

    මීට පෙර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 පෙබරවාරි මාසයේ දී ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙම වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya