අනතුරුව ජනාධිපතිතුමා උත්සවයට එක්වූ අතර රණවිරුවන් 90 දෙනෙකු වෙනුවෙන් ඉදි කළ නිවාසවල යතුරු ප්‍රදානය සංකේතවත් කරමින් රණවිරුවන් කිහිප දෙනෙකුට යතුරු ප්‍රදානය කිරීමට එක් විය. අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නිවාස 10 කට අදාළ ලිපි ද මෙහිදී ප්‍රදානය කෙරිණි.
අමාත්‍ය ෆයසර් මුස්තාපා මහතා ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් ද, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ මීට එක්ව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය