නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පටු අරමුණුවලින් බැහැරව හෘද සාක්ෂියට අනුව සේවය කළ යුතුයි

    සැප්තැම්බර් 10, 2015
    අඩු අත්දැකීම් ඇති දේශපාලඥයන් රජය අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණවලට හසුවී ඇති බවට සාවද්‍ය ප‍්‍රචාර ගෙන ගියත් ඉදිරියේදී ඇතිවන නව දේශපාලන සංස්කෘතිය තුළින් ජනතාවට හා ලෝකයාට නිසි පිළිතුරු ලැබෙනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (09) පස්වරුවේ පැවති රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමේ අවස්ථාවේදී සිරිසේන මැතිතුමා මෙම අදහස් ප‍්‍රකාශ කළේය.
     
    තමන් කිසිම අවස්ථාවකදී විදේශ බලෙවේග හා බලපෑම්වලට යටත් නොවන අතර ශ‍්‍රී ලංකාවේ කීර්තිනාමයට හානී නොකරන බවද සඳහන් කළ ජනාධිපතිතුමා සෑම ආගමික දර්ශනයකින් ම ගම්‍ය වන්නේ මිනිසුන්ගේ යහපත උදෙසා මිනිසුන් එකතු වීම බවද සඳහන් කළේය.
     
    සියලු දෙනාම පටු දේශපාලන පරමාර්ථවලින් බැහැරව හෘද සාක්ෂියට එකඟව නිතර ම රට සහ ජනතාව පිළිබඳ අවදියෙන් සිටිය යුතු බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    තමා හදුන්වා දුන් ජාතික ආණ්ඩු සංකල්පය තුළින් ඉදිරි පස් වසර තුළ ශක්තිමත් ආණ්ඩුවක් මෙහෙයවන බවත් එය දුර්වල කිරීමට හෝ අස්ථාවර කිරීමට කිසිවෙකුටවත් ඉඩ නොදෙන බවද ජනාධිපතිතුමා පැවසීය.
     
    තමන්ගේ බුද්ධිය, දැනුම, අත්දැකීම් අනුව රට ගොඩනැගීමට කැපවිය යුතු අතර රාජ්‍ය දේපළ වත්කම් පිළිබඳ ව කිසිම ආකාරයකින් දුෂණ හොරකම් චෝදනා සම්බන්ධව වගඋත්තරකරුවන් නොවීමට වගබලාගත යුතු බව පැවසූ ජනාධිපතිතුමා තම තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කරනු ඇතැයි තම විශ්වාසය බවද සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya