මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජාප 69වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 07, 2015
    සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ 69 වෙනි සංවත්සර උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (06) පෙරවරුවේ එක්විය.
    පසුගිය ජනාධිපතිවරණයේ දී රටට අවශ්‍ය වෙනස සඳහා ජනාධිපතිවරයා ලෙස තමාව පත්කර ගැනීමට ප්‍රමුඛත්වය ගත් එ.ජා.ප නායකයා ප්‍රමුඛ පාක්ෂිකයන්ට තම ස්තූතිය පුද කරන බව පැවසූ ජනාධිපතිතුමා, එය සැබෑ ලෙසටම තම හදවතේ සටහන් වී තිබෙන කිසිදා නොමියෙන සටහනක් බව මෙහිදී ජනාධිපතිතුමා සඳහන් කළේය.
    මේ අවස්ථාවට පූජ්‍ය අතුරලියේ රතන හිමි, එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් ද, අමාත්‍ය පාඨලී චම්පික රණවක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරු සහ එ.ජා.ප ක්‍රියාකාරීහු විශාල පිරිසක් එක්ව සිටියහ.
    ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya