මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලුදෙනාට එකතු වී වැඩ කළ හැකි නම් මේ රට දියුණු කළ හැකියි - අගමැති

    සැප්තැම්බර් 05, 2015

    අද දවස මෙරට ඉතිහාසයේ ඓතිහාසික දවසක් වන බවත් සියලුදෙනාට එකතු වී වැඩ කළ හැකි නම් මේ රට දියුණු කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූවේ නව රජයේ ඇමති මණ්ඩලය දිවුරුම්දීම නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (04) දහවල් පැවැති උත්සවය අමතමිනි.

     

    එහිදී දේශපාලන පක්ෂ තම දේශපාලන වාසි අමතක කර ජනතාව වෙනුවෙන් වැඩකිරීමට මුලපිරීම ඉතා වැදගත් බව පැවසූ අග්‍රමාත්‍යවරයා ජනාධිපතිතුමා පසුගියදා පාර්ලිමේන්තුව අමතා පැවසූ පරිදි රට ගොඩනැඟීම සඳහා ජාතික ප්‍රතිපත්ති මාලාවක් හැදිය යුතු බවද සඳහන් කළේය.

     

    ජනවාරී 8වැනිදා ලබාගත් වෙනස් දේශපාලන සංස්කෘතියත් සමග මෛත්‍රිපාලනය යටතේ  ආරම්භ කළ යහපාලනය ඉදිරියටත් ගෙනයමින් නොබියව අනාගතයට මුහුණදෙමු යැයිද තවදුරටත් සභාව ඇමතූ වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya