මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සදහම් ධර්ම දේශනයක් පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී

    සැප්තැම්බර් 04, 2015
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ආදරණීය පියාණන් වූ දිවංගත පී.ජී. ඇල්බට් සිරිසේන මැතිතුමාගේ සහ මෑණියන් වන දිවංගත වයි.ඒ.ඩී. නන්දාවතී ගුරු මාතාවගේ ගුණ සිහි කරමින් "මව්පිය පූජා" නමින් සදහම් ධර්ම දේශනයක් ඊයේ (03) රාත්‍රියේ පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවැත්විණි. 
     
    පූජ්‍ය දොඩම්පහළ රාහුල හිමිපාණන් වහන්සේ විසින් ධර්ම දේශනාව පවත්වන ලද අතර ජනාධිපතිතුමා, ජයන්ති සිරිසේන මැතිණිය ඇතුලු පවුලේ සාමාජිකයන් මෙන්ම ප්‍රදේශවාසින් විශාල පිරිසක් එය ශ්‍රවණය කිරීමට එක්ව සිටියහ. 
     
    පොලොන්නරුව දෙ දිසාවේ ප්‍රධාන සංඝනායක පුරාණ ඉසිපතනාරාමාධිපති පූජ්‍ය පණ්ඩිත උඩුගම ධම්මානන්ද ස්වාමින් වහන්සේ, ගල්කඹරාව ශ්‍රී විජයාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කොබෙයිතුඩුවේ විජිත ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු ජනතා නියෝජිතයන් රැසක් ද එක්ව සිටියහ.
     
    ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya