මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළේ ගැටලු සාකච්ඡා කෙරේ

    සැප්තැම්බර් 01, 2015

    රටේත්, ජාතියේත් අනාගතය තීරණය කෙරෙන මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරා ගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙළ තුළ තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටු කිරීමට සියලු අමාත්‍යාංශ සහ ආයතන කැපවිය යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

     

    මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමේදී ඒ ඒ අමාත්‍යාංශ සහ ආයතන මුහුණ දී ඇති ගැටලු, නව යෝජනා සහ අඩු පාඩු පිළිබඳ වාර්තාවක් තමා වෙත ලැබීමට සළස්වන ලෙසද මෙහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

     

    මත්ද්‍රව්‍ය රටතුළට ගෙන්වීම පිළිබඳ වැටලීම්වලදී පැන නැගී ඇති නීතිමය ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

     

    ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්ද. ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා ඇතළු ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya