මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇසළ මහා පෙරහැර සමාප්තිය සනිටුහන් කිරීමේ සංදේශය ජනපතිට

    අගෝස්තු 30, 2015

    ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උත්තරීතර පූජනීයත්වයට පාත්‍ර වූ ශ්‍රී ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ ලෙස සලකන මහනුවර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා නොකඩවා සෑම වසරකම පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහැර මෙවර ද ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් පවත්වා එය සාර්ථකව නිමකිරීම පිළිබඳ සැලකිරීමේ සංදේශය සාම්ප්‍රදායානුකූලව දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා විසින් අද (30) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

    පෙරහැරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන්ව ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිතුමා විසින් පිළිගනු ලැබුවේය.

     

    අනතුරුව දියවඩන නිලමේවරයා විසින් සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිතුමා වෙත භාර දුන්නේය.

     

    සාම්ප්‍රදායානුකූලව පෙරහැරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත තිලිණ හා සම්මාන ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

     

     ජයන්ති සිරිසේන මැතිණිය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, මහනුවර නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya