මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වරා මුඛර්ජි මැතිණියගේ අභාවය පිළිබඳ ජනපති ශෝකය

    අගෝස්තු 20, 2015

    ඉන්දීය ජනාධිපති ප‍්‍රනාබ් මුඛර්ජි මැතිතුමාගේ බිරිද වන ස්වරා මුඛර්ජි මැතිණියගේ අභාවය පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය බලවත් ශෝකය ප‍්‍රකාශ කරයි.

    ඉන්දීය ජනාධිපති ප‍්‍රනාබ් මුඛර්ජි මැතිතුමා වෙත විශේෂ ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මෙලෙස සිය ශෝකය ප‍්‍රකාශ කළ අතර ඉන්දීය ජනතාවට සහ ස්වරා මුඛර්ජි මැතිණියගේ පවුලේ සාමාජිකයින්ට ශී‍්‍ර ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් සාතිශය සංවේගය පළකරන බව එහි සඳහන් කර තිබේ.

     

    ස්වරා මුඛර්ජි මැතිණියගේ අභාවයෙන් ශෝකයට පත් සියලුදෙනා සමඟ තමාද එක්වන බව සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කරන ජනාධිපතිතුමා එතුමිය, මුඛර්ජි මැතිතුමාටත් පුතුන් දෙදෙනා ඇතුළු දියණියටත් ඉමහත් ශක්තියක් වූ බවද සිහිපත් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya