ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි සැලසුම් සහ වැඩපිළිවෙළ පිළිබඳ පාක්ෂිකයින් සහ ක්‍රියාකාරින් දැනුවත් කිරීමේ අරමුණින් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා පැවැත්වෙන නියෝජිත සමුළුවල 12 වැනි සමුළුව ඊයේ බදුල්ලේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් නායක, විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සමුළුව සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර, උදිත ලොකුබණ්ඩාර, චාමික බුද්ධදාස, තේනුක විදානගමගේ යන මහත්වරුන් ඇතුළු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් මීට එක්ව සිටියහ.
kpm