නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාද්දුව, විහාර මන්දිරය විවෘත කිරීම ජනපති අතින්

    ජූනි 07, 2015

    වාද්දුව, සුභද්‍රාරාම සිරි මහා මිහිදු පිරිවෙණේ දෙමහල් විහාර මන්දිරය විවෘත කිරීමේ සහ දෙමහල් සංඝාවාසයට මුල් ගල් තැබීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ පැවැත්විණි.

    අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව විහාරාධිපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර ස්වාමින් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා පිරිකර පුජා කළේය.

    අනතුරුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

    සමරු ඵලකය නිරාවරණය කර විහාර මන්දිරය විවෘත කළ ජනාධිපතිතුමා ඊට ප්‍රථම මල් පූජාව සිදු කළ අතර අභිනව සංඝාවාස ගොඩනැගිල්ලට මුල් ගල් තැබීමේ අවස්ථාවටද එක් විය.

    මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින්ද, ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක්ද පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

    kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya