ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් වටදාගෙය පරිශ්‍රයේ පැලයක් රෝපණය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.
භාවිතයෙන් ඉවත්කරන ලද ජංගම දූරකතන අපහරණය කිරීමේ වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමද මෙහිදී සිදු විය.
මීගොල්ලෑව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සනිටුහන් කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර මධ්‍යම පරිසර අධිකාරියේ පිළිසරු ව්‍යාපෘතිය මගින් මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව වෙත ට්‍රැක්ටර් රථයක් ප්රදානය කිරීමට අදාළ යතුර භාරදීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.
මැදිරිගිරිය ජාතික පාසලට පාසල් උපකරණ ලබාදීම, ජගත් පිරිසර දින සැමරුම වෙනුවෙන් සංවිධානය කළ කෙටි චිත්‍රපට උළෙලේ ජයග්රාහකයින්ට තිළිණ ප්රදානය කිරීම, ගොවි උපකරණ කට්ටල ප්රදානය කිරීම ඇතුලූ වැඩසටහන් රැසක් ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් සංවිධානය කර තිබුණි.
රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, උතුරු මැද පළාත් ප්‍රදාන අමාත්‍ය පේෂල ජයරත්න, නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි, මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරුන් ඇතුලූ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
kpm