නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දින 100 ප්‍රගතිය ජනතාවට

    මැයි 25, 2015
    රජයේ දින 100යේ ජාතික වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (24) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය නගර ශාලාවේ දී පැවැත්විණි.
     
    මෙම වැඩසටහන දින 100න් ජනතා ජයග්‍රහණ 100ක් මැයෙන් ආණ්ඩුවේ දින 100 වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ වාර්තාව ජනතාවට පිළිගැන්වීම වෙනුවෙන් මෙය සංවිධානය කර තිබුණි.
     
    දේශාපලනයේ නොයෙක් හැලහැප්පිලි, විවිධ ප්‍රශ්න ගැටලු වැනි සියලු දේ පරාජය කිරීමේ අභියෝගයන්ට පසුගිය කාලයේ දී මුහුණ දෙමින් දේශපාලන ගමන් මගේ දිගමට පැමිණි බවත් පසුගිය මැතිවරණයේ දී සියලු දෙනා එක්ව කටයුතු කළ නිසා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නේය.
     
    එක්ව වැඩකටයුතු කිරීම තුළින් අවසානයේ ජයග්‍රහණයක් කරා යාමට හැකි වූ වූ බවත්  එළැඹෙන මහ මැතිවරණයේ දී තනි එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණයක් වෙනුවෙන් පක්ෂයේ සංවිධාන ජාලය ශක්තිමත් කළ යුතු යැයි ද අමාත්‍යවරයා පැවසීය.
     
    වර්තමානයේ පවතින්නේ සුළුතර ආණ්ඩුවක් බවත් එම සුළුතර ආණ්ඩුව විසින් මේ සියලු වැඩකටයුතු සිදු කළා යන්න පුදුමයකට කරුණක් බවත් කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එය එසේ සිදු කරගත හැකි වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිසා බවත් කීය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අලුත් මාර්ගයක් පෙන්වූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ අය එතුමා සමග සිටිනු ඇතැයි සිතුවත් පක්ෂයේ සමහර පුද්ගලයන් එතුමාගේ කකුලෙන් ඇදීම සිදු කරන බවත් පෙන්වා දුන්නේය.
     
    පරණ දේශපාලනය අතහැර නව දේශපාලලනයකට යොමුවිය යුතු යැයි කී අග්‍රාමාත්‍යවරයා ඒ හරහා නව පාලනයක් ඇතිකර ගැනීම තුළින් රටේ පවතින ගැටලු නිරාකරණය කරගත හැකි බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     
    මෙහිදී දින 100 වැඩසටහන පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීම ද සිදු කෙරුණි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya