නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදන් වූ මාධ්‍යවේදීන් සොයන්න කොමිසමක් පත් කරනවා

    මැයි 15, 2015

    අතුරුදන් වූ මාධ්‍යවේදීන් සොයන්න කොමිසමක් පත් කිරීමට අදහස් කරන බවත් ඒ සඳහා මාධ්‍ය ආයතන විසින් ලිඛිතව යෝජනාවක් ලබා දෙන මෙන් තමන් ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

     

    කොළඹ පදනම් ආයතනයේ ඊයේ (14) පැවති ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමේ ජාතික සමුළුවේ අවසාන සැසිය අමතමින් අගමැතිවරයා මේ බව කීය.

     

    එහිදී අග්‍රාමාත්‍යවරයා සභාව අමතමින් “එදා මාධ්‍ය කටයුතු කළේ දුෂ්කර අවස්ථා මධ්‍යයේ ය. ඒ කාලයේ මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් රට හැර ගියා, මරමුවට පත් කළා, අතුරුදහන් කළා. මාධ්‍ය ආයතනවලට පහර දුන්නා. දැන් ඒ යුගය අවසන් වෙලා. යහපාලනය යටතේ ඒ තත්වය විසඳිලා තියෙනවා.

     

    මාධ්‍ය වෘත්තිය සඳහා මාධ්‍ය භාවිතයට නිසි පුහුණුව අවශ්‍යයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, මම ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඒ සඳහා සහය දෙනවා.“ යැයි ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    ජනමාධ්‍ය උන්නතිය පිළිබඳ මහජන ප්‍රකාශනය 2015 සඳහා ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා, එකසත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර හා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යන මහත්වරුන් සිය අත්සන් තැබූහ. භාෂනයේ නිදහසට හිතකර, බහුත්වවාදී බහුවිධ මාධ්‍ය වාතාවරණයක් ඇති කිරීම සඳහා අපි කැපවෙමු යන තේමාව යටතේ මෙම ප්‍රකාශනය නිකුත් කෙරිණි.

     

    මීට සහභාගී වූ විපක්ෂ නායකවරයා ඇතුළු සියලුම දේශපාලන පක්ෂ නායකයන් විසින් සභාව අමතන ලදී. මෙරට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු වන ආකාරයට මෙරට ජනමාධ්‍ය සංවර්ධනය කිරීම සඳහා වන ක්‍රමෝපායන් හඳුනා ගැනීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්විණි.

     

    මෙම සමුළුවට ජනමාධ්‍ය අමාත්‍යංශය, කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාව දක්වයි. ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමේ ජාතික සමුළුවේ සැසිවාර සභාපතිවරයා වශයෙන් ආචාර්ය ප්‍රදීප් වීරසිංහ මහතා කටයුතු කළේය.

     

    SDF

     

    workshop 3 workshop 1workshop 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya