චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ස්වීඩන් අග්‍රාමාත්‍යවරයා අතර ද්වීපාර්ශවික සාකච්ඡා ඊයේ (28) පස්වරුවේ පැවැත්වුණ අතර එහිදි අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් තමාගේත් තම රජයේත් සුබපැතුම් එක් කළ ස්වීඩන් අග්‍රාමාත්‍යවරයා නව රජයේ වැඩපිළිවෙළ පිළිබඳ ව තම ප්‍රසාදය පළ කර සිටියේය.
මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් නව රජයක් ලෙස නව සැලසුම් රැසක් ක්‍රියාවට නංවා ඇති බවය.
දෙරට අතර වෙළෙඳ සහ ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කරගැනීමට ස්වීඩනය ඉතා කැමැත්තෙන් පසුවන බව මෙහිදී පැවසූ අග්‍රාමාත්‍යවරයා එම සබඳතා පෙර පැවැති සබඳතාවලට වඩා ශක්තිමත් වනු ඇති බවද ප්‍රකාශ කළේය.
ස්වීඩන් සංචාරකයන් මේ වන විට වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර තවදුරටත් ඔවුන් ඒ සඳහා යොමුකිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ගොවි ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවීම වෙනුවෙන් වාරිමාර්ග ක්ෂේත්‍ර යේ සංවර්ධනය සඳහා සහාය ලබාදෙන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ ඉල්ලීමට ද මෙහිදී ස්වීඩන් අග්‍රාමාත්‍යවරයා සුබවාදී ප්‍රතිචාර දැක්වීය.
DB