මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය විවෘත පරීක්ෂණයක් කරනවා

    මාර්තු 20, 2015

    අපට සැඟවීමට යමක් තිබෙනවා නම් විවෘත පරීක්ෂණයක් සිදු නොකරන බවත් සැඟවීමට කිසිවක් නොමැති බවත් මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය පිළිබඳ ව සභාව කල්තබන අවස්ථාවේ ඉදිරිපත් කරන යෝජනාවේ විවාදයේ අදහස් දක්වමින් ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.


    අපි නිහඬ නෑ. අපි පරීක්ෂණයක් සඳහා යොමු කළා. එදා පිටුපස දොරෙන් කළ දේ අපි ලොවට පෙන්වා තිබෙනවා. අපි ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරනවා. අපිට අවශ්‍යවන්නේ, කවුරු වරදක් කළත් එය හෙළිදරව් කිරීමයි.

    ජනතාවට වසර 12ක් තුළ දෙන්නට බැරි වූ දේවල් දින 23කින් ලබාදුන්නා. දූෂණ වංචා කළ සියලු දෙනා නීතිය ඉදිරියට ගේනවා. අද ජනතාව සතුටින් ඉන්නවා. සුදු වෑන් අද නැහැ. අපට සැඟවීමට තිබෙනවා නම් විවෘත පරීක්ෂණයක් කරන්නේ නෑ. අපිට සඟවන්නට දෙයක් නැහැ. එහෙත් ජනතාව මේ පිළිබඳව දැනගත යුතුයි.

    මේ රටට ආයෝජන ගලාගෙන එන ක්‍රමවේදය සකස් වී තිබෙනවා. මහජනතාව ජනවරම දුන්නේ දූෂිත පාලනය නතර කරන්නටයි. පස්ස දොරේ පවුල්වාදය නැති කරන්නටයි. අපි අධ්‍යාපනයට 6%ක් ලබාදීමට බැඳී සිටිනවා. ඒ සඳහා කටයුතු කරනවා. අපි මහපොළ රුපියල් 2500 සිට රුපියල් 5000 දක්වා වැඩි කළා. අපි ජනතාවට ලබා දුන් පොරොන්දු ක්‍රියාත්මක කරනවා.

    අපට අවශ්‍ය වන්නේ, කවුරු වරදක් කළත් එය හෙළිදරව් කිරීමයි. මෙයයි අපේ යහ පාලනයේ කොටස. සාක්කුවට සල්ලි යන එක නවත්වන එක සංවර්ධනයට බාධාවක් ද? ඒ පවුල්වලට සල්ලි යන එක නැවත්තුව එකයි බාධාව. ඒ නිසයි ඔය කැක්කුම. අපේ දෙයට අපි පරීක්ෂණයක් කරනවා. අපි සමෘද්ධිය වැඩි කරනවා කිව්වා. වංචා දූෂණ සිදු කළ සියලු දෙනාම නීතිය ඉදිරියට ගේනවා. අපි නීති කටයුතු අධිකරණයට භාර දෙනවා. මේ සම්බන්ධයෙන් ජනතාවට හෙළිදරව් කරනවා. යහ පාලනය වචනය ඒ ආකාරයෙන් ම කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya