මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැයට කිරුළට සමගාමී ව මාතර ව්‍යාපෘති 10කට මුල්ගල් තැබීම 18දා

    නොවැම්බර් 14, 2014

    රුපියල් මිලියන 280ක් වැය කරමින් මාතර දිස්ත‍්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 07හි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09ක ඉදිකිරීම් සහ සංවර්ධනය කිරීම් සිදු කිරීමට යෝජිත, දැයට කිරුළ සංවර්ධන වැඩසටහනට සමගාමී ව්‍යාපෘති 10ක් සඳහා මුල්ගල් තැබීම ලබන 18 වැනිදා සිදු කිරීමට නියමිත ය.


    මුල්ගල් තැබීමට නියමිත ව්‍යාපෘති අතර රුපියල් මිලියන 30ක් වැය කරමින් වැඩිදියුණු කිරීමට නියමිත මාතර රම්‍යා මොහොට්ටි ළය චිකිත්සාගාර ගොඩනැගිල්ල, රුපියල් මිලියන 06ක් වැය කරමින් සංවර්ධනය කිරීමට නියමිත මාතර මාකාවිට වැව හා ඇළ මාර්ගය, රුපියල් මිලියන 60ක් වැය කරමින් ඉදිකිරීමට නියමිත මාලිම්බඩ වෙළෙඳ සංකීර්ණය, රුපියල් මිලියන 25ක් වැය කරමින් සංවර්ධනය කිරීමට නියමිත මිදිගම සති පොළ, රුපියල් මිලියන 25ක් වැය කරමින් සංවර්ධනය කිරීමට නියමිත කනංකේ සති පොළ, රුපියල් මිලියන 45ක් වැය කරමින් වැඩිදියුණු කිරීමට නියමිත කද්දුව සති පොළ සහ නව නගර සංවර්ධන ව්‍යාපෘතිය මේ යටතේ වේ.

    මීට අමතරව රුපියල් මිලියන 40ක් වැය කරමින් ඉදිකිරීමට නියමිත මොරවක දිසා රෝහලේ තෙමහල් ගොඩනැගිල්ල, රුපියල් මිලියන 35ක් වැය කරමින් ඉදිකිරීමට නියමිත ඌරුබොක්ක ජාතික පාසලේ තෙමහල් ගොඩනැගිල්ල, රුපියල් මිලියන 06.80ක් වැය කරමින් ඉදිකිරීමට නියමිත දෙයියන්දර කනිටු විදුහලේ දන්තාගාරය හා ආබාධිත සිසුන් සඳහා ඉදිකරන ගොඩනැගිල්ලේ පළමු අදියර, රුපියල් මිලියන 08ක් වැය කරමින් ඉදිකිරීමට නියමිත දික්වැල්ල ප‍්‍රාදේශීය සභා පරිපාලන සංකීර්ණය හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තබනු ඇත.

    මෙම මුල්ගල් තැබීමේ අවස්ථාවන් සඳහා අදාළ ප‍්‍රදේශවල දේශපාලන නායකත්වය සහ අදාළ රාජ්‍ය නිලධාරීන් සහභාගි වීමට නියමිත ය.

    NDH/TI-dmu matara

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya