අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි Featured

    නොවැම්බර් 14, 2014

    අද (14) අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ  දී දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ වෙරළබඩ ප්‍රදේශවල, විශේෂයෙන් වයඹ, උතුර සහ නැගෙනහිර දෙසින් වන වෙරළබඩ ප්‍රදේශවල, තැනින් තැන උදය කාලයේදී ද වැසි ඇති විය හැක.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    අනුරාධපුරයට කොළඹට ගාල්ලට මහනුවරට නුවරඑළියට රත්නපුරයට අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    ත්‍රිකුණාමලයට යාපනයට මන්නාරමට උදෑසන වැසි සහ රාත්‍රී කාලයේ දී ගිගිරුම් සහිත වැසි ඇති වේ.

    මඩකළපුවට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    ඊයේ රාත්‍රී 8.30 වන විට මි.මී. 43.2ක වර්ෂාපතනයක් කටුගස්තොටින්ද මි.මී. 45.1ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද මි.මී. 27.8ක වර්ෂාපතනයක් යාපනයෙන් ද මි.මී. 21.6ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද මි.මී. 13.3ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 10.1ක වර්ෂාපතනයක් මන්නාරමෙන් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.°C රත්නපුර සහ අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.8°C රත්නපුරප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.1°C නුවරඑළියෙන් ද මි.මී. 146.6ක උපරිම වර්ෂාපතනය මොනරාගල (ජල සම්පාදන) ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya