අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවයේ අනියම් හා තාවකාලික සේවකයන් 35,000ක ස්ථිර සේවයට

    නොවැම්බර් 13, 2014

    රාජ්‍ය සේවයේ සිටින 35,000ක් වන අනියම් හා තාවකාලික සේවකයන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2015 අයවැය මඟින් ස්ථිර සේවයට අනුයුක්ත කිරීමට යෝජනා කර තිබෙන බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ප‍්‍රකාශ කළේය.


    තාවකාලික හෝ අනියම් පදනම මත සේවය කරන මෙවැනි සේවකයන් රජයේ සෑම ආයතනයකම පාහේ සිටින බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා තැපැල් දෙපාර්තමේන්තුවේ පමණක් 1,500ක පමණ පිරිසක් මෙම පදනම මත සේවය කරන බවත් පැවසීය.

    ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ තැපැල් නිලධාරීන් 5,000ක් අතර අරලියගහ මන්දිරයේදී පසුගියදා පැවැති විශේෂ හමුවකට එක් වෙමිනි.

    දෛනික වැටුපට සේවය කරන මෙම සේවකයන් රාජ්‍ය සේවයේ අනෙකුත් සේවකයන් ලබන වරප‍්‍රසාද හෝ දීමනාවල කිසිවක් මෙතෙක් භුක්ති නොවිඳි පිරිසක් බවත් වීරතුංග මහතා පැවසීය.

    ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර අයවැය රාජ්‍ය සේවය කෙරෙහි වැඩි ම සැලකිල්ලක් දැක් වූ අයවැය බව පෙන්වා දුන් ජනාපධිති ලේකම්තුමා කිසිදු අයවැයකින් රාජ්‍ය සේවකයන්ට මෙවැනි වරප‍්‍රසාද ලබාදී නොමැති බවත් කීවේය.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya