මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොහෝ පළාත්වලට පැහැබර වූ කාලගුණ තත්ත්වයක් Featured

    නොවැම්බර් 06, 2014

    අද (07) දිවයිනේ බොහෝ පළාත්වලට පැහැබර වූ කාලගුණ තත්ත්වයක් පවතී. කෙසේ වුවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක්  ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    මඩකළපුවට ත්‍රිකුණාමලයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    කොළඹට ගාල්ලට නුවරඑළියට මහනුවරට රත්නපුරයට වැසි වාර කිහිපයක් ඇති වේ.

    අනුරාධපුරයට යාපනයට මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක්.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.°C මඩකළපුවෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.6°C රත්මලාන ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 10.5°C නුවරඑළියෙන් ද මි.මී. 40.6ක උපරිම වර්ෂාපතනය රත්නපුර ඉලුබුලුව වත්ත ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya