මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික විද්‍යා පා ගමන 08 වන දා

    නොවැම්බර් 06, 2014

    ජාතික විද්‍යා සතියට සමගාමී ව සංවිධානය කර ඇති ජාතික විද්‍යා පාගමන ලබන 08 දින පෙ.ව. 7.30ට මේට්ලන්ඩ් පෙදෙස, කොළඹ 07, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයෙන් ආරම්භ වී නිදහස් වටරවුම, කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපසින් ගමන් කොට, තුන්මුල්ල හන්දියෙන් බෞද්ධාලෝක මාවත ඔස්සේ කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රය කරා ළඟාවීමට නියමිතය.


    මේ සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාඥයන්, එම අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතනවල නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් සහ ආරාධිතයන් ඇතුළු ව 2,000කට ආසන්න පිරිසක් සහභාගීවීමට නියමිතය.

    විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතීන් විදහා දක්වමින් හා නවෝත්පාදනයන් සමඟින් නිර්මාණාත්මක ව ජාතික විද්‍යා පාගමන පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දේශීය තාක්ෂණය, යුද තාක්ෂණය, ජල රොකට් පෙරටු කරගනිමින් පැවැත්වීමට නියමිත ජාතික විද්‍යා පාගමන ශ්‍රී ලාංකිකයන්ට නවමු අත්දැකීමක් වනු ඇත.

    මේ පාගමන සඳහා සහභාගී වන සියලු දෙනාට දේශීය ඖෂධවලින් සකස් කෙරුණු කොළ කැඳ පානයක් ලබාදෙන අතර පාගමනට සහභාගීවන සියලු ම දෙනාට T - Shart සහ හිස් පළඳනාවක් ද ලබා දෙනු ඇත. පා ගමනේ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 3.5ක් පමණ වන අතර පැය 01කුත් විනාඩි 20කින් පමණ පාගමන අවසන් කිරීමට අපේක්ෂිතය. ගමන අවසානයේ සියලු ම දෙනාට වසවිසවලින් තොර දේශීය ආහාර වේලක් ලබාදීමට ද කටයුතු යොදා ඇත.

    සාම්ප්‍රදායිකව අනුගමනය කළ විද්‍යා දින සැමරුම් සංකල්පයෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ පළමු වතාවට ජාතික විද්‍යා සතියක් නොවැම්බර් 04 දින සිට නොවැම්බර් 10 දින දක්වා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya