අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික විද්‍යා සතිය අද සිට Featured

    නොවැම්බර් 04, 2014
    ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාතික විද්‍යා සතියක් ප්‍රකාශයට පත්කිරීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය කටයුතු කර ඇත. එම සතිය අද 04 සිට 10 වනදා දක්වා ක්‍රියාත්මකය.
     
    ජාතික විද්‍යා සතියට සමගාමී ව විශේෂ විද්‍යා කලාපයක් අමාත්‍යාංශයට අනුබද්ධ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) මූලික ව බෞද්ධාලෝක මාවත, නිදහස් චතුරස්‍ර පරිශ්‍රය අවට භූමියේ ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා ඇත. මෙම කලාපය තුළ විද්‍යා ප්‍රදර්ශන, විවිධ නව නිපැයුම්, ජල රොකට් තරග, ජෝතිෂ්‍ය හා විද්‍යාව පිළිබඳ සංවාද, විද්‍යා චිත්‍රපට, විද්‍යාත්මක දේශන හා වැඩමුළු, විද්‍යාවේ නව සොයාගැනීම් පිළිබඳ තොරතුරු හා ග්‍රහලෝකාගාර නැරඹුම් දර්ශන ද ඇතුළත්ය.  
     
    මෙයට සමගාමී ව ජාතික විද්‍යා පා ගමන08 දා පෙ.ව. 7.30ට මේට්ලන්ඩ් පෙදෙස, කොළඹ 07 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපසින් ආරම්භ වී නිදහස් වටරවුම, කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපසින් ගමන් කොට තුන්මුල්ල හන්දියෙන් බෞද්ධාලෝක මාවත ඔස්සේ කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රය කරා ළඟාවීමට නියමිතය. 
     
    මේ සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාඥයන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, නිලධාරීන් මෙන් ම ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් ද සහභාගී වේ.
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya