සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 නායකත්ව හැකියා පාඨමාලාවේ තුන්වන අදියර අද ඇරඹේ

    ඔක්තෝබර් 30, 2014

    2015 නායකත්ව හැකියා සහ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ පාඨමාලාවේ තුන්වන අදියර අද (30) ඇරඹෙන බවත් මේ වන විට දිවයින පුරා බලපවත්වන අධික වර්ෂාව නිසා ඇති වන නායයාම් සහ අවදානම් තත්ත්වයන් ඇති ප‍්‍රදේශයන් මඟහරිමින් තමන්ට නියමිත කඳවුර සඳහා වාර්තා කිරීමට සියලු දෙනා ම පරීක්ෂාකාරී විය යුතු බවත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කරයි.

    උසස් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් මෙහෙයවන නායකත්ව හැකියා සහ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ පාඨමාලාවේ තුන්වන අදියර අද දින දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිතය.
     
    මෙම තුන්වන අදියර සිසුන් 6,648කගේ සහභාගිත්වයෙන් කඳවුරු 20ක දී ක‍්‍රියාත්මක කෙරෙනු ඇත.

    මේ වසරේ පුහුණුව සඳහා සහභාගීවීමට නියමිත සමස්ත ළමුන් ප‍්‍රමාණය 23,000ක් වන අතර පළමු අදියර සඳහා සිසුන් 7,030ක් දීප ව්‍යාප්තව කඳවුරු 19කට සහභාගී වූහ. පසුගිය 26 වන දින පළමු අදියර අති සාර්ථක ලෙස නිමා විය. දෙවැනි අදියර සඳහා සිසුන් 9,215ක් දීප ව්‍යාප්තව පාබල හමුදා, නාවුක හමුදා සහ ගුවන් හමුදා කඳවුරු 20ක සාර්ථක ව පසුගිය 24 වැනි දින අවසන් විය.

     

    නායකත්ව පුහුණු වැඩසටහන විශ්වවිද්‍යාලයන්ට ඇතුළත් වීමට නියමිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා විනය, පිරිසිදුකම, නායකත්ව හැකියා වර්ධනය කිරීම හා ධනාත්මක ආකල්ප වර්ධනය සඳහා ලැබෙන විශාල පිටිවහලකි.

    NDH/SK-cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya