සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ පිහිටීම අනුව යුධ නෞකා නිතර ශ්‍රී ලංකාවට

    ඔක්තෝබර් 29, 2014
    ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව ලංකාවට නුදුරින් ඇති නාවික මාර්ගයන් හි ගමන් ගන්නා විවිධ රටවලට අයත් යුද නෞකා කොළඹ වරාය වෙත පැමිණෙන බවත් එය සුහදතාව වර්ධනය කිරීමේ කටයුත්තක් බවත් නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (29)  රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
     
    විවිධ අවස්ථාවන්වලදී විවිධ රටවලට අයත් යුද නෞකා කොළඹ වරායට පැමිණීමෙන් රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගන්නා බවත් පෙන්වා දුන් වර්ණකුලසූරිය මහතා 2010 වසරේ දී යුද නෞකා 36ක්, 2011 දී නෞකා 49ක්, 2012 දී නෞකා 34ක්, 2013 දී නෞකා 48ක් හා 2014 වසරේ මේ වන විට නෞකා 39ක් දිවයිනට පැමිණ ඇති බවත් පෙන්වා දුන්නේය.
     
    ඒ අනුව චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, පකිස්ථානය, ජපානය, බංග්ලාදේශය, රැසියාව, සී ෂෙල්ස්, බෘනායි හා නයිජීරියාව වැනි රටවලින් යුද නෞකා පැමිණ ඇති බව පෙන්වා දුන් මාධ්‍ය ප්‍රකාශකවරයා එය එක් මහාද්වීපයකට සීමා වී නැති බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya