සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට කොටියට දෙනවා ද? නැත්නම් දිනාගත් සාමය රැක ගන්නවා ද?

    ඔක්තෝබර් 29, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා යළිත් වරක් බලයට ඒම වැළැක්වීමට එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඇතැම් කොටි හිතවාදී සංවිධාන දෙමළ ඩයස්පෝරාව සමඟ එක්වී කුමන්ත්‍රණ කරමින් සිටින බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පැවසීය.


    යළිත් වරක් රට කොටියට දෙනවා ද? නැත්නම් දිනාගත් සාමය රැක ගන්නවා ද? යන්න තීරණය කිරීම ජනතාව සතු බව හෙතෙම කීවේය.

    මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ආසනයේ විදුලිය නොමැති ගම්මාන කිහිපයකට විදුලිය ලබාදීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ත්‍රස්තවාදය අවසන් කර දැවැන්ත සංවර්ධනයක් සිදු කරමින් සිටින ජනාධිපතිතුමන් තෙවරක් නො ව සිය වරක් වුවත් බලයට පත්විය යුතු නායකයකු බවත් එතුමන්ට අභියෝග කළ හැකි කිසිදු පුද්ගලයකු මෙරට නොමැති බවත් ඒ මහතා ප්‍රකාශ කෙළේය.

    කවුරුන් මොන දේ කිය කියා ගිය ද ජනාධිපතිතුමන් සිය ධූරයට යළිත් වරක් පත් කිරීමට ජනතාව ගත් තීන්දුව කිසිවකුට වැළැක්වීමට නොහැකි බව පැවසූ පුෂ්පකුමාර මහතා තෙවැනි වරටද එතුමන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගන්නා බව කියා සිටියේය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මඩගසා සිය පරාජයන් වසා ගැනීමට විපක්ෂය ඇතැම් පිරිසක් ක්‍රියා කළද එය අනුමත නොකරන විශාල පිරිසක් එම පක්ෂය තුළ ම සිටින බව හෙතෙම පැවසීය.

    අමාත්‍යවරයා තවදුරටත් එහිදී පැවසුවේ, ලබන වසර ආරම්භ වෙන කොට ම අපේ රටේ ඉදිරි ගමන තීන්දු තීරණය කරන මැතිවරණයක් පැවැත්වෙනවා. මේ මැතිවරණයේදී ජනතාව ගන්න තීරණය අනුවයි ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා ගෙන යනවද නැත්නම් යළිත් වරක් රට කොටියාට දී  මරණ බයෙන් ජීවත් වෙනවා ද කියලා තීන්දු කරන්නේ. හැබැයි මේ තීන්දුව ගැනීමේ වගකීම තියෙන්නේ ජනතාව අතේ. ජනතාවට සාමකාමී පරිසරයක්, සංවර්ධිත රටක්, බියෙන් සැකෙන් තොර ව ජීවත්විය හැකි වටපිටාවක් අවශ්‍ය නම් ඔබට යළිත් වරක් ජනාධිපතිතුමන් ව පත් කර ගන්න පුළුවන්. එහෙම නැතුව විනාශකාරී රටක් අවශ්‍ය නම් එක්සත් ජාතික පක්ෂය ඇතුළු කොටි හිතවාදීන්ට කඩේ යන රූකඩයෙක් පත් කර ගන්න පුළුවන්.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya