මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමේ දීර්ඝ කාලීන වැඩසටහනක්

    ඔක්තෝබර් 21, 2014
    ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමේ දීර්ඝ කාලීන වැඩසටහනක් වත්මන් රජය විසින් දියත් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා පවසයි. 
     
    ඒ යටතේ මෙවර ඉදිරි අයවැයේ දී අතීතයට වඩා විශාල මුදලක් වෙන් කරනු ලබන්නේ අඩු ආදායම්ලාභී සහ නාගරික නොවන ප්‍රදේශවල ආර්ථිකය දියුණු කිරීමේ අරමුණින් යැයි දිවි නැගුම ජාතික ව්‍යාපාරයේ 6වන අදියරට සමඟාමී ව උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති පැළ සිටුවීමේ හා පැළ බෙදාදීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමා පැවසීය. 

    දිවි නැගුම ප්‍රතිලාභීන් වෙත පළතුරු, අපනයන භෝග සහ ඖෂධ පැළෑටි සහ බීජ වර්ග ද මෙහිදී බෙදාදෙන ලදී. එහිදී තවදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා මෙසේ ද පැවසීය.

     “බොහෝ දෙනෙක් පවසන්නේ තමන්ට වගා කිරීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ නොමැති බවයි.  නමුත් සුළු බිම්කඩක වුවද, සාර්ථකව භෝග වගාවක් සිදු කළ හැකියි.  අතීතයේ දී සෑම නිවසක ම ගෙවතු තිබුණා. නමුත් අද ජනතාව කෘෂි වගාවෙන් ඉවත් වන තත්ත්වයක් දක්නට ලැබෙනවා.  
    ඒ නිසයි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත් වීම මත ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අප රජය කටයුතු කරන්නේ. ඉදිරි අයවැය තුළින් ද පෙර නොවූ විරූ වැඩසටහන් රැසක් ග්‍රාමීය ආර්ථිකය වෙනුවෙන් වෙන් කොට තිබෙනවා. 
     
    රජය ආධාර කරන්නේ මිනිසාට දියුණු වීම සඳහා යි.  මිනිසා නගාසිටුවීම අප රජයේ ඉලක්කයක් වන නමුත්, මිනිසාට පූර්ණ වශයෙන් ආධාර ලබාදීම අපගේ තේමාව නොවෙයි. සෑම විට ම මිනිසාට පුර්ණ වශයෙන් ආධාර කිරීම තුළින් මිනිසා අලස බවට පත් වෙනවා. ඒ නිසා මිනිසාට නැගී සිටීමට අවශ්‍ය ශක්තිය පමණයි අප ලබා දෙන්නේ.  සෑම විට ම ආධාර කිරීම තුළින් මිනිසා අලස වනවා පමණක් නොව, රට පරිහානියට පත්වන බැවින් රට දියුණු කිරීමේ අරමුණෙනුයි මේ සෑම පියවරක්ම ගනු ලබන්නේ.  මේ සඳහා රටේ සෑම ජනතාවකගේ ම සහයෝගය ලැබිය යුතු බව” ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය. උඩපළාත ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ පියදාස මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද, දිවි නැගුම ප්‍රතිලාභීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි ව සිටියහ.
     
     ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya