මැයි 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ අනු කාරකසභාවක්

    ඔක්තෝබර් 18, 2014
    ජාතීන් අතර සහජීවනය ඇති කිරීම අරමුණු කරගත් සියලු වැඩසටහන් හා ව්‍යාපෘති නියාමනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් සමාජ සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කාරකසභාවක් පත් කිරීමට කටයුතු කෙරේ.
     
    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවෙහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමේ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කරන ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අනු කාරකසභාවට සහය වීම පිණිස අමාත්‍යයංශ ලේකම්වරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට ද නියමිතය.
     
    රජයේ විවිධ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල හා පළාත් සහ ආයතන විසින් ජාතික මට්ටම දක්වා වු පරාසය තුළ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා නිර්දේශ මත පදනම් ව විවිධ වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya