අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය, කෑගල්ල සහ රත්නපුර නාය යෑමේ අවදානම් සහිතයි Featured

    ඔක්තෝබර් 10, 2014

    දැනට පවතින අයහපත් කාලගුණය ඉදිරි පැය 24 තුළත් පවතින ලකුණු ඇති හෙයින් නාය යෑමේ, ගල් පෙරළීමේ හා කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ ව විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශය අනතුරු අඟවයි.

     

    එහි ජ්‍යේෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය එච්.ඒ.ජී. ජයතිස්ස මහතා අද (10) පස්වරු 6.00ට නිකුත් කරන ලද නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයෙහි මේ බව දැක්වේ.

     
    එහි සඳහන් වන පරිදි නායයෑමේ අවදානම පැවතිය හැකි ප්‍රදේශ පහත සඳහන් පරිදි වේ.


    නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂයෙන් කොත්මලේ, අඹගමුව කෝරළේ සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඇති කඳුකර බෑවුම්, කණ්ඩි සහිත ප්‍රදේශ සහ මාර්ග.


    කෑගල්ල දිස්ත්‍රික්කයේ, දැරණියගල, යටියන්තොට, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ඇති කඳුකර බෑවුම්, කණ්ඩි සහිත ප්‍රදේශ සහ මාර්ග.


    රත්නපුර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් ඇහැළියගොඩ, කුරුවිට, කලවාන, අයගම, රත්නපුර, පැල්මඩුල්ල, කිරිඇල්ල, නිවිතිගල සහ රක්වාන ඇතුළු සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඇති කඳුකර බෑවුම්, කණ්ඩි සහිත ප්‍රදේශ සහ මාර්ග.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya