මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා යුද හමුදා 65 වැනි සංවත්සරය අද

    ඔක්තෝබර් 10, 2014
    ශ්‍රී ලංකා යුද හමුදා 65 වැනි සංවත්සරය අද (10)ට යෙදී ඇත. එහි ප්‍රධාන සැමරුම් උත්සවය යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශ භූමියේ දී පැවැත්වීමට නියමිතය.
     
    අද මෙම සැමරුම් උත්සවයේ දී යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතා වෙනුවෙන් ගෞරව ප්‍රණාම පුද කිරීමේ ආචාර පෙළපාළියක් ද පැවැත්වේ. 
     
    1949දී ආරම්භ කොට ඇති ශ්‍රී ලංකා යුද හමුදාව එවකට 'Ceylon Army' නමින් හඳුන්වා ඇති අතර 1972 සිට ශ්‍රී ලංකා යුද හමුදාව වශයෙන් හඳුන්වා ඇත.
     
    මෙම 65වැනි සැමරුම වෙනුවෙන් පසුගිය දින කිහිපය පුරා විවිධ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වු අතර සියලු ම හමුදා රෙජිමේන්තුවලට අයත් ධජවලට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සහ කිරි වෙහෙරේ ආශිර්වාදය ලබාගැනීම සිදුවිය. ඊට අමතර ක්‍රිස්තියානි, මුස්ලිම් සහ හින්දු පූජාවන් සිදු කිරීමද සිදු විය.
     
    තිස් වසරක් පුරා මෙරට පැවැති කුරිරු යුද්ධයේදී රට වෙනුවෙන් ජීවිත දානයෙන් කාය දානයෙන්, කැප වූ රණවිරුවන් සිහිපත් කර ඔවුන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන් වෙනුවෙන්ද කෘතගුණ සැලකීමේ වැඩසටහන් ක්‍රියාත්මක විය.
     
    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එම දශක තුනක කාලයක් පුරා යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා කළ කැපවීම අප්‍රමාණය. එම වීරෝදාර රණවිරුවන්ගේ කැපවීම අද ජාත්‍යන්තරයේ පවා දැඩි ඇගයීමට ලක් ව තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya