මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "හරිත ඵලදායිතා සමුළුව" අද

    ඔක්තෝබර් 09, 2014

    ශ්‍රී ලංකාවේ පළමු වරට සංවිධානය කරනු ලබන "හරිත ඵලදායිතා සමුළුව" අද (09) සෙත්සිරිපාය, ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


    "හරිත ඵලදායිතාව" මඟින් තම නිෂ්පාදනවල තත්ත්වය උසස්කර ගැනීමටත් භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම වැඩි කරගැනීමට ව්‍යාපරිකයන්ට කදිම අවස්ථාවක් උදාවෙන බවත් මේ පිළිබඳ ව අදහස් දක්වමින් ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශය පවසයි.

    මේ සංකල්පය ක්‍රියාවට නැංවීම මඟින් නිෂ්පාදනය කරන භාණ්ඩවල සුවිශේෂී තත්ත්වය වනුයේ ඒවා පරිසර හිතකාමි වීමයි. ස්වාධීන වූ කාර්මික ප්‍රතිඵලයක් ලෙස විවිධ වූ බහුජාතික සමාගම් නිර්මාණය වී ලෝකය පුරා ම බිහි වී ව්‍යාප්ත විය. විවෘත ආර්ථික රටාවත් සමඟ නිර්මාණය වූ වෙළෙඳ‍පොළ පරිසරය ජාතික මට්ටම අභිබවා ජාත්‍යන්තරයට පියවර එසවීය. ඉන්දියාව වැනි සංවර්ධනය කරා ශීඝ්‍රයෙන් ගමන් කරන රටවල් තම කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා මෙයින් මහත් රුකුලක් ලැබ මහා පරිමාණ ව්‍යාපාර සඳහා මංපෙත් විවර කරගෙන ඇත. මින් බිහි වූ නව මහා පරිමාණ ව්‍යාපාරවල දැඩි සේ සම්පත් භාවිතය සේ ම සම්පත් නාස්තිය ද සුලභව දක්නට ලැබිණි. එහි ප්‍රතිඵලයක් වූයේ සමස්ත නිෂ්පාදනයේ ඵලදායිතාව අඩු අගයක් ගැනීමයි.

    සමස්ත නිෂ්පාදනය ඉහළ දමමින්, නාස්තිය අඩු කරමින් පාරිසරික සම්පත් ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රමවේදයක අවශ්‍යතාවක් ඇති විය. ඒ සඳහා ජපානය සමස්ත තත්ත්ව කළමනාකරණය සංකල්පය හඳුන්වා දෙන ලදී.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya