මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    9 වැනි සාක් උගුර, කණ හා නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සම්මේලනය අද කොළඹදී Featured

    ඔක්තෝබර් 09, 2014

    9 වැනි දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයේ (සාක්) උගුර, කණ, නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සම්මේලනය අද (09) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වේ.


    “විවිධත්වය මැදින් විශිෂ්ටත්වය කරා“ (‘Towards Excellence together amidst Diversity’) යනු මෙවර සම්මේලනයේ තේමාවයි.

     

    අදින් ආරම්භ වන මෙම සාක් උගුර, කණ, නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සම්මේලනය ඔක්. 09 දක්වා කොළඹ BMICH හිදී පැවැත්වේ.

     

    College of Otorhinolaryngologists and Head and Neck Surgeons (CORLHNS) of Sri Lanka (ශ්‍රී ලංකාවේ උගුර, කණ, නාසය ආශ්‍රිත රෝග අධ්‍යයන විශේෂඥ වෛද්‍ය හා හිස හා බෙල්ල ආශ්‍රිත ශල්‍ය වෛද්‍ය විද්‍යාලය) විසින් මෙම සම්මේලනය සංවිධානය කර ඇත.


     
    දේශන, මණ්ඩල සාකච්ඡා, සජීවී විශේෂඥ ශල්‍යකර්ම හා වැඩමුළු ඇතුළු අධ්‍යයන වැඩසටහන් රැසක් මෙම සම්මේලනයේදී පැවැත්වීමට නියමිතය.

     

    සාමාජික රටවල නියෝජිතයන්ට රස විඳීමට සාරවත් සංස්කෘතික අංග රැසක් ද මෙම සම්මේලනයට එක් කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya