ලේකම්තුමා මේ බව පැවසුවේ ගජබා රෙජිමේන්තුවේ 30 වැනි සංවත්සරය වෙනුවෙන් පෙරේදා (05) කොළඹ හිල්ටන් හෝටලයේදී පවත්වන ලද රාත්‍රි භෝජන සංග්‍රහයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.
තම අතීත මතක සටහන් ආවර්ජනය කරමින් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 1983 ඔක්තෝබර් 14 දින එවකට ලුතිතන් කර්නල් විජය විමලරත්න මහතාගේ මූලිකත්වයෙන් විජයබාහු 1 වන රෙජිමේන්තුවට හා 1 වැනි රජරට රයිෆල් බල ඇණියට අනුබද්ධව මෙම රෙජිමේන්තුව ආරම්භ කළ බවත් මෙම රෙජිමේන්තුවේ ආරම්භක සාමාජිකයෙකු වශයෙන් පසුගිය 30 වසරක කාලයක් තුළ දී එය විසින් ඉටුකර ඇති කාර්යයන් සම්බන්ධයෙන් තමා බෙහෙවින්ම සතුටු වන බවත් ලේකම්වරයා අවධාරණය කර සිටියේය.
රෙජිමේන්තු මූලස්ථානය සම්බන්ධයෙන් සිය මතකය අවධි කරමින් සාලියපුර රෙජිමේන්තු මූලස්ථානය සඳහා වූ ඉඩම තෝරාගැනීම හා ලබාගැනීමේ කටයුතු එවකට තරුණ නිලධාරියෙක් වූ තමනට පැවරුණ වගකීමක් බව අනාවරණය කර සිටි අතර එදා නිලධාරීන් 36 දෙනෙකුගෙන් හා සෙසු නිලයන් 752කුගෙන් ආරම්භ කරන ලද ගජබා රෙජිමේන්තුව අද වන විට නිලධාරීන් 711ක් හා සෙසු නිලයන් 15,000කට අධික ප්‍රමාණයක් දක්වා වර්ධනය වී ඇති බව දකින විට තම හදවතට විශාල සතුටක් ඇති වන බව ද මෙහිදී පවසා සිටියේය.
2006 සිට 2009 දක්වා කාලයේ පැවති මානුෂීය මෙහෙයුමේදී ක්‍රියාකාරි මෙහෙයක් ඉටුකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ම ගජබා රෙජිමේන්තුවට අයත්වී සිටිති. ඊට පෙර කාලයේදී ද එල්.ටී.ටී.ඊයට එරෙහිව කරන ලද වඩමාරච්චි ආදි මෙහෙයුම්වලදි ගජබා රෙජිමේන්තුව විසින් ප්‍රධාන කාර්යභාරයක් සිදු කරන ලද බව ද මෙහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් පවසන ලදී.
අප මාතෘ භූමියේ නිදහස දිනා ගැනීම වෙනුවෙන් කරන ලද උදාර කාර්යයේදී දිවි පුදන ලද හා ආබාධිත තත්ත්වයට පත් ගජබා රෙජිමේන්තු සාමාජිකයන්ට සිය ප්‍රණාමය දැක්වීමට ද රාජපක්ෂ මහතා මෙහිදි අමතක නොකළේය.
වර්තමානයේදී රෙජිමේන්තුවේ ජීවමාන ජේෂ්ඨතම සාමාජිකයා වන මේජර් ජෙනරාල් එස්.ටී.ටී. ජයසුන්දර මහතා ඉදිරියේදී මියගිය ජෙනරල් විජය විමලරත්න මහතාගේ නොසැලෙන නායකත්වය එඩිතර බව පිළිබඳව සිය මතකය අවදි කළ ආරක්ෂක ලේකම්වරයා අද ගජබා රෙජිමේන්තුවේ සිටින මෙම ජේෂ්ඨතම සාමාජිකයින් සියල්ලම එතුමා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට දායාද කරන අයවලුන් බවද මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
යුද්ධය අවසන්වී වසර 5ක් ගත වී අද අප රට ඉතා පුළුල් හා සංවර්ධිත ආර්ථිකයක් කරා යන ගමනේදී ගජබා රෙජිමෙන්තුවේ නිලධාරීන් ඇතුළු සියළුම දෙනා විසින් සෑම අවස්ථාවකදී ම එය තවදුරටත් කඩිනම් කිරීම සඳහා ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව තමාට ස්ථිර බව ද අවසාන වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
වර්තමාන රෙජිමේන්තු අධිපති වන මේජර් ජෙනරාල් දවුලගල මහතා විසින් මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා ආරක්ෂක ලේකම්තුමා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වන ලදී. ගජබා රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයේ වර්තමාන සභාපතිනිය වන සරෝජා දවුලගල මහත්මිය විසින් අයෝමා රාජපක්ෂ මහත්මිය වෙත ද සිහිවටන තිළිණයක් පිළිගන්වන ලදී.
මෙම අවස්ථාව සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන අයෝමා රාජපක්ෂ මහත්මිය හා ගජබා රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයේ ආරම්භක සාමාජිකාව වන මානෙල් විමලරත්න මහත්මියද සහභාගී වූවාය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ජගත් ජයසූරිය, යුද හමුදාපති ලුතිතන් ජෙනරල් දයා රත්නායක, රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සම්භාවනීය ආරාධිත අමුත්තන් ද ඇතුළුව විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
NDH/mod