දකුණු ආසියානු කලාපයේ ජනතාව සමාන කාලගුණ හා භූගෝලීය අභියෝගවලට මුහුණ දෙති. එහි ප‍්‍රතිඵලයක් ලෙස අපි සමාන සෞඛ්‍ය ගැටලුවලටද මුහුණ දීමට සිදු වී ඇත. සාර්ක් සංවිධානය බිහිවීමත් සමඟ කලාපීය දේශපාලන සහයෝගීතා වර්ධනය වීමක් සිදු විය. ඒ සමඟ ලෝකයේ සෙසු ප‍්‍රදේශවලින් අනාගත ප‍්‍රගමනය සඳහා නව දැනුම හා අත්දැකීම් බෙදා හදා ගනිමින් කලාපීය වෛද්‍ය සහයෝගීතාව ද ඇරඹිණි.
කණ, නාසය හා උගුර පිළිබඳ විශේෂඥභාවය අඛණ්ඩ ව ම වැඩිවෙමින් පවතී. නාසයේ සැත්කම් හිස්කබලද ඇතුළත් වන පරිදි පුළුල් වී ඇති අතර නාසයේ බාහිර සැත්කම් හා සොටු දියර ගැලීම වැනි රෝග බහුල ව පවතී. වයස්ගත ජනගහනය සම්බන්ධ ව බිහිරි බව හා කරකැවිල්ල ඉතා සුලබ තත්ත්වයක් බවට පත් ව ඇත. කර්ණ සැත්කම් නින්දෙන් ගොරවන අය ද ඇතුළුව උගුරු සැත්කම් නව තාක්ෂණය හා අණ්වීක්ෂීය ශිල්ප ක‍්‍රම හඳුන්වා දීම මගින් නව දිශාවකට යොමු වී ඇත.
එබැවින් කලාපයේ ශෛල්‍ය වෛද්‍යවරුන් ක්ෂේත‍්‍රයේ නව සංවර්ධනය පිළිබඳ ව යාවත්කාලීන වීම අත්‍යවශ්‍ය වෙයි. බංග්ලාදේශයේ මහාචාර්ය අලවුද්දීන්ගේ නායකත්වය යටතේ කණ, නාසය හා උගුර පිළිබඳ ශෛල්‍ය වෛද්‍යවරු කණ්ඩායමක් විසින් සාර්ක් කණ, නාසය හා උගුර පිළිබඳ ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය අරඹන ලදී. ශ‍්‍රී ලංකාව මේ ගෞරවාන්විත අවස්ථාව සඳහා සත්කාරකත්වය දක්වන දෙවන අවස්ථාවයි.
මේ වසරේ මෙම සම්මේලනයට රටවල් දහයකින් (10) කීර්තිමත් කථිකයින් 40 දෙනෙක් සහභාගී වෙති. කණ, නාසය හා උගුර පිළිබඳ ශෛල්‍ය වෛද්‍යවරුන්ට පැවැත්වෙන වැඩමුළු හා දේශනවලට අමතරව මේ ක්ෂේත‍්‍රයට සම්බන්ධ වී සිටින කනිෂ්ඨ වෛද්‍යවරුන් පුහුණු කිරීම පිණිස වැඩමුළු දෙකක් පැවැත්වේ. විදේශීය නියෝජිතයින්ට පොහොසත් සංස්කෘතික උරුමය පිළිබඳ නිදර්ශන වශයෙන් සංස්කෘතික වැඩසටහනක්ද සංවිධානය කොට ඇත.
ECB/DM_cmu