නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හජ් උත්සවය නිමිත්තෙන් අගමැතිතුමාගේ සුභාශිංසන පණිවුඩය Featured

    ඔක්තෝබර් 05, 2014

    ලෝපුරා සමස්ත ඉල්ලාමීය සදහැවතුන් මහත් භක්තියෙන් යුතුව අල්ලාහ් දෙවිදුන්ගේ නාමයෙන් සමරන හජ් වන්දනාව නිමිත්තෙන් සුභපැතුම් එක් කරන්නේ මහත් භක්තියෙනි. 

    සාමුහිකත්වය, අනෝන්‍ය සහයෝගය, සහෝදරත්වය, ඉවසීම හා කැපකිරීම ආදී උතුම් මානුෂීය ගුණාංග රැසක් සමාජය තුළ තහවුරු කෙරෙන ජීවමාන වන්දනාවක් වශයෙන් හජ්ජි උත්සවය සැලකිය හැකිවේ. ශුද්ධ වූ අල්ලාහ් දෙවිදුන් විසින් ඊබ්‍රාහම් නබිතුමාගේ භක්තිය පරීක්ෂා කරන දිනය වන හජ් දිනය සිහිපත් කරමින් ඉස්ලාමීය බැතිතුමතුන් සිය ජීවිත මනා අයුරින් හැඩගස්වා ගැනීම අතිශය ප්‍රසංශනීය වේ.

    ඒ අනුව ලෝකවාසී ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාමීය බැතිමතුන් වාර්ෂික ව ශුද්ධ වූ මක්කම වන්දනාමාන කරන්නේ මහත් වූ භක්තියෙන් යුක්ත ව ය. භෞතික වශයෙන් රටක් ශීඝ්‍ර දියුණුවක් ලැබුව ද ආධ්‍යාත්මික වශයෙන් පුද්ගලයා දියුණු නො වූ විට එම සමාජය, සමාජීය හා ආගමික වශයෙන් දියුණු වූවා යැයි සැලකිය හැකි නො වේ. ඒ අනුව අල්ලාහ් දෙවිදුන්ගේ ඉගැන්වීම් අනුව යමින් භෞතික දියුණුව ඉක්මවා ගිය අධ්‍යාත්මික දියුණුවක් අත්පත් කර ගැනීමට අප සියල්ලෝ ම කටයුතු කළ යුතු බව මාගේ විශ්වාසයයි. 

    අල්ලාහ් දෙවිදුන්ගේ උපදේශයන්ට අනුව සමස්ත මුස්ලිම් ප්‍රජාව සෙසු සහෝදර ජාතීන් සමඟ සමගියෙන් සහ සහජීවනයෙන් යුතු ව ජීවත් වෙති. එක් ආගමකින් පමණක් සමන්විත රටක් කිසිවිටෙකත් බබළන්නේත් සමාජීය වශයෙන් දියුණු වන්නේත් නැත. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ යන ජාතීන් පහකින් ද බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා ක්‍රිස්තියානි යන ආගම් හතරකින් යුතු මෙම රට නිරතුරුව ම බබළන්නේ ජාතික හා ආගමික වශයෙන් අප අතර පවතින සහෝදරත්වය නිසාය.


    ජාති, ආගම්, කුල, පක්ෂ හා වර්ණ භේදාදිය පසෙකලා සමස්ත ශ්‍රී ලාංකේය ප්‍රජාවක් ලෙස පෙරමුණ ගන්නා මෙම දිවයින සමස්ත ලෝකයට ම පූර්වාදර්ශයකි. ඒ වෙනුවෙන් ඉස්ලාම් භක්තික සහෝදර ප්‍රජාව ඉහළ දායකත්වයක් ලබා දෙනු ලබයි.


    ශ්‍රී ලාංකිකයන්ට පමණක් නො ව ලෝ පුරා සියලු ජනතාව වෙත ආදරය, දයාව, කරුණාව සහ සහජීවනය තිළිණ කරන මෙන් හජ් දින සමරන මේ මොහොතේදී ශුද්ධ වූ අල්ලා දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටිමු.


     අස්සලාම් අලෛකුම්!


    ආචාර්ය දි.මු. ජයරත්න
    අග්‍රාමාත්‍ය 

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya