නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක හමුදා මල්ලව පොර තරගාවලියට ශ්‍රී ලංකා හමුදා මල්ලව පොර කණ්ඩයාම පිටත්ව යති

    ඔක්තෝබර් 04, 2014


    ඇමරිකානු ආරක්ෂක හමුදා ක්‍රීඩා සමාජය හා ලෝක හමුදා ක්‍රීඩා මණ්ඩලය එක් ව 29 වන වරටත්  සංවිධානය කරනු ලබන ලෝක හමුදා මල්ලව පොර ශූරතාවලිය මෙවර ඇමරිකා එක්සත් ජනපදයේදී ඔක්තෝබර් 01 වැනි දින සිට 08 වැනි දින දක්වා පැවැත් වේ.

     

    ඒ සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා හමුදා මල්ලව පොර කණ්ඩායම පසුගිය 30 වන දින දිවයිනෙන් පිටත් ව යන ලදී.



    මෙම තරගාවලිය සඳහා සහභාගිවන ක්‍රීඩකයන් ආරක්ෂක සේවා මල්ලව පොර තරගාවලියේදී ඉහළ ම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් වන අතර ලෝක හමුදා මල්ලව පොර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් කොප‍්‍රල් ආර්.යු.එම්. ප‍්‍රනාන්දු හා නායක ගුවන් භට කේ.එස්. මධුරංග සුදුසුකම් ලැබූ අතර නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 04 දෙනෙක් හා  ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් දෙදෙනෙකු ද සහභාගි වීමට නියමිත ව ඇත.
     
     
    ශ්‍රී ලංකා හමුදා මල්ලව පොර කණ්ඩායමේ පුහුණුකරුවන්  ලෙස නාවික හමුදාවේ කපිතාන් සුනන්ද කළුආරචිචි හා යුධ හමුදාවේ මේජර් තංගවේලු සෞන්ද්‍රරාජා කටයුතු කරනු ලබන අතර කණ්ඩායම් ප‍්‍රධානියා ලෙස ගුවන් හමුදාවේ ගෲප් කපිතාන් පි‍්‍රයන්ත වීරසිංහ ද කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස ගුවන්හමුදාවේ වින්ග් කමාන්ඩර් රෝහණ ජයලත් ද කටයුතු කරනු ලබති. 
     
     
    ECB  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya