නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු හා විදුහල්පති සියලු උසස්වීම් ලබන දෙසැම්බර් 31ට පෙර ලබා දෙනවා Featured

    ඔක්තෝබර් 03, 2014
    අවුරුදු ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක නොවූ ගුරු හා විදුහල්පතිවරුන්ගේ සියලු ම උසස්වීම් මඩිහහේවා කමිටුවේ නිර්දේශ මත ලබන දෙසැම්බර් 31 වැනි දිනට පෙර ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
     
    කොළඹ ලුම්බිණි විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ පැවැත්විණි. ඒ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
     
    මෙම උසස්වීම් ලබාදීමේ ජංගම විශේෂ වැඩපිළිවෙළක් 217,000ක් පමණ වන ගුරුභවතුන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බව ද ඔහු පැවසීය.
     
    යුනෙස්කෝ ආයතනයේ ශ්‍රී ලංකා සභාපතිවරයා ලෙස දකුණු ආසියාවේ ගුරු සංවර්ධන මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අවස්ථාව ලබා ගෙන තිබේ. 1977 විවෘත ආර්ථික ක්‍රමය හේතුවෙන් විදේශ ධන අයෝජනය පදනම් කරගෙන සාම්ප්‍රදායික කෘෂි ආර්ථික රටාව වෙනුවට රට නව කාර්මීකරණයට පත් වී ඇත. එහිදී රට පුරා වෙළෙඳකලාප ඇති කරමින් මෙරට ගණිතය අසමත් තරුණ පිරිසගේ ශ්‍රමය අඩු මිලට ලබා ගැනීම සිදු වූ අතර මව්වරුන් ගෘහ සේවිකාවන් ලෙස පිටරට ගිය බවත් අමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නේය. 
     
    එයට හේතුව වූයේ නිපුණතාව මත, දෑතේ කර්මාන්තයක් ඔස්සේ ජීවිතය ගොඩනගා ගැනීමේ අධ්‍යාපන අවස්ථා අහිමි වීම බව පෙන්වා දුන් අමාත්‍යතුමා මේ වන විට මහින්ද චින්තන ඉදිරි දැක්ම ඔස්සේ අධ්‍යාපනයේ දැවැන්ත හැරවුමක් සිදුවෙමින් පවතින බව ද වැඩිදුරටත් පැවසීය.
     

    ලුම්බිණි විද්‍යාලයේ විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     
    NDH/kpm
    DSC 0130

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya