මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බඳගිරිය මාර්ග සංවර්ධනයේ දී හමු වූ ඉපැරණි කාසි 281 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයට

    ඔක්තෝබර් 03, 2014

    හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ බඳගිරිය මාර්ගය ප‍්‍රතිසංස්කරණ කටයුතු අතරතුර දී ඉපැරණි කාසි 241ක් හමු වී ඇත.


    ඒ අනුව එම ස්ථානය දකුණු පළාත් පුරාවිද්‍යා නිලධාරීන් විසින් කඩිනමින් පරීක්‍ෂා කර අදාළ කාසි 241ක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.


    බඳගිරිය මාර්ග සංවර්ධන කටයුතුවලදී මාගා සමාගමට පසුගිය සැප්තැම්බර් 30 වන දින මෙම කාසි හමු වී ඇති අතර ඔවුන් විසින් බඳගිරිය කලාප භාර නිලධාරී, පුරාවිද්‍යා පර්යේෂණ සහකාර සුමේධ පණ්ඩිතරත්න මහතාට භාර දී ඇත. එම ස්ථානයේ තිබී ඉපැරණි යුගයට අයත් තඹ කාසි 241ක් හමු වී ඇති අතර බැකෝ යන්ත‍්‍රවලින් පස් ඉවත් කිරීමේ දී ඒවා තැන්පත් කර තිබූ මුට්ටිය බිඳීගිය බව බැකෝ යන්ත‍්‍ර ක‍්‍රියාකරු විසින් පවසා තිබේ. ඉන්පසු පුරාවිද්‍යා ගවේෂණ නිලධාරීන් විසින් එම ස්ථානය නැවත පරීක්‍ෂා කිරීමේ දී තවත් තඹ කාසි 40ක් හමු වී ඇත. ඒ අනුව මේ වනවිට හමු වී ඇති මුළු තඹ කාසි ප‍්‍රමාණය 281කි. ඒවා සියල්ල මුද්‍රා තබා දකුණු පළාත් පුරාවිද්‍යා කාර්යාලයේ සුරක්‍ෂිතව තැන්පත් කර ඇත.



    හමු වී ඇති කාසි 281 කුමන යුගයට අයත් දැයි නිශ්චිතව  නිගමනය කර නොමැති අතර රසායනාගාර පරීක්‍ෂණවලින් පසු නිවැරදි කාලය හඳුනා ගැනීමට හැකිවනු ඇත. මෙම ස්ථානයෙන් හමු වී ඇති මැටි බඳුන් සාධකවලට අනුව මෙය බොහෝ විට අනුරාධපුර යුගයට අයත් රෝම කාසි හෝ මධ්‍ය කාලීන තඹ කාසි විය හැකි බව එම ස්ථානය පරීක්‍ෂා කළ නිලධාරීන් වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටී. කාසි හමු වී ඇත්තේ බඳගිරිය පුරාණ විහාරයට මීටර් 500ක් පමණ නුදුරින්  වන නිසා මෙම ස්ථානයේ තවත් පුරාවස්තු තිබේ දැයි පරීක්‍ෂා කිරීමට එම ස්ථානයේ කඩිනමින් පුරාවිද්‍යා කැණීමක් සිදුකිරීමටද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya