මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය ෆවුසි නව ඇෆ්ගනිස්ථාන ජනපති පදවි සම්ප්‍රාප්ත උත්සවයට

    ඔක්තෝබර් 03, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් නියෝජනය කරමින් නාගරික කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා පසුගිය සඳුදා (සැප්. 29) ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පැවති ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජයේ නව ජනපති ආචාර්ය අෂ්රෆ් ඝානී අහමඩ්සායි (Dr Ashraf Ghani Ahmadzai) මැතිතුමාගේ පදවි සම්ප්‍රාප්ති උත්සවයට සහභාගී විය.

     

    නව ඇෆ්ගනිස්ථාන ජනාධිපතිතුමාගේ ධූර කාලය සාර්ථක වේවායි ප්‍රාර්ථනය කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආචාරශීලී සුභ පැතුම් පණිවුඩය පදවි සම්ප්‍රාප්ති උත්සවයට සමගාමී ව ජ්‍යේෂ්ඨ අමාත්‍ය ෆවුසි මහතා විසින් ප්‍රකාශ කරන ලද අතර නව ඇෆ්ගනිස්ථාන නායකයා සමඟ මිත්‍රශීලී සාකච්ඡාවක්ද පවත්වන ලදී.

     

    ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති ශාහ් නවාස් මරික්කාර් බාවා මහතාද මෙම අවස්ථාවට එක් විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya